රණවිරු උපහාරය ප්‍රංශයේ දී මහ ඉහළින්


ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය  වසරක් පාසා පවත්වන රණවිරු උපහාර උළෙල  මැයි  08 වැනි දා පැරීසියේදි පැවැත්විණි . ප‍්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන, ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද , ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සරහිමිවරු ද  තානාපති කාර්යාලයේ නිලධාරීහු ද තවත් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.  පැමිණ සිටි පිරිස රණවිරුවන් වෙනුවෙන් පහන් දල්වා රෝස මල් පුදා ඔවුන් සැමරූහ. ගිහි පැවැති දේශන කිහිපයක් ද මෙහි දී පැවැත්විණි.